25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅටලුගම දැරියගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

අටලුගම දැරියගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

අටලුගම ප්‍රදේශයේ ෆාතිමා ආයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය දැරියගේ නිවස අසලම පදිංචි පුද්ගලයෙක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක් වූ දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා, නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි වෙළඳසැලට ගිය අවස්ථාවේදී අතුරුදන් වූ අතර ඉන්පසු අසළ පිහිටි මඩ ගොහොරුවක සඟවා තිබියදී දැරියගේ මළසිරුර හමුවිය.

අදාළ ස්ථානයට යාබද ඉඩමේ කීරකොටුවක් පවත්වාගෙන යන පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ඇඳ යටින් මඩ තැවරුණු සරමක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.