― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපවුල් ආරවුලකින් බිරිඳ ජීවිතක්ෂයට

පවුල් ආරවුලකින් බිරිඳ ජීවිතක්ෂයට

අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරවුලක් අතරතුර සැමියා විසින් බිරිඳව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුවතක් නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලිසිය සඳහන් කළේ මෙම ආරවුල සමථයකට පත් කිරීමට පැමිණි බිරිඳගේ වැඩිමහල් සොහොයුරා සැමියා විසින් ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 32ක වැඩිමල් සහෝදරයායි.

ඝාතනය සිදුකළ සැකකරුද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.