― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් ලැබෙන පළමු ආධාර තොගය 03 වැනිදා මෙරටට

චීනයෙන් ලැබෙන පළමු ආධාර තොගය 03 වැනිදා මෙරටට

චීනයෙන් ලබාදීමට එකඟවී තිබෙන යුවාන් මිලියන 500ක ආධාරවල පළමු තොගය ලබන 03 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිතය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

තානාපති කාර්යාලය පවසන පරිදි මෙම පළමු තොගයට රුපියල් මිලියන 550ක් වටිනා ඖෂධ අයත් වන අතර මෙම තොගය ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන ඒමට නියමිතය. ඉන් පළමු යානය ජුනි 03 වැනිදා රාත්‍රියේ ලංකාවට ගොඩබැසීමට නියමිතය.

පවතින අපහසු සමයේදී ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ හා ඉන්ධන සඳහා ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 300ක ආධාරයක් කිරීමට චීනය පියවර ගන්නා බව පසුගිය 03 වැනිද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පැවසීය.