23.9 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමටගොඩ ආපනශාලාවකදී කතක් ඝාතනය කෙරේ

දෙමටගොඩ ආපනශාලාවකදී කතක් ඝාතනය කෙරේ

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුළ ඊයේ (30) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබේ.

අදාළ කාන්තාව දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් පවත්වා ගෙන යන බවත් පෙරේදා (29) රාත්‍රී කාලයේදී මෙම කාන්තාව ඝාතනය කර රන්මාල 3ක්, රන් මුදු 3ක් සහ ජංගම දුරකතන 2ක් කොල්ලකා පළා ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ මාලිගාවත්ත කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.