― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 2ක ඖෂධ තොගයක්

බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 2ක ඖෂධ තොගයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2.2ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ තොගය භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම ඖෂධ තොගය අතර ප්‍රතිජීවක ඖෂධ මෙන්ම පිළිකා, අධි රුධිර පීඩනය, වෛරස, අපස්මාරය හා ඇදුම ඇතුළු රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 79ක් පමණ වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලී රටක් ලෙස සළකා කටයුතු කරන බව එම අවස්ථාවට එක්වෙමින් මෙරට බංග්ලාදේශ මහ කොමාසරිස්වරයා ප්‍රකාශ කළේය.