― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෛද්‍යවරුන් දෙදෙනෙක් ජයටම වකුගඩු ජාවාරමක

වෛද්‍යවරුන් දෙදෙනෙක් ජයටම වකුගඩු ජාවාරමක

වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම වකුගඩු ජාවාරම වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සිදුකරගෙන යන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විනය රෙගුලාසිවලට අනුකූලව වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට කමිටුව වෙත මූලික ක්‍රියාමාර්ග යොමු කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ ප්‍රකාශ කළේය.

කොළඹ හැව්ලොක් පාර පදිංචි වෛද්‍ය රුවන් එම්. ජයතුංග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මෙම වෛද්‍යවරුන් කොළඹ ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ සේවය කරන බවද අනාවරණය වෙයි. වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයා වෙතද ලිපියක් යොමු කර තිබේ.