25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසලේ ශ්‍රමදානයට ගිය දැරිය අතුරුදන්

පාසලේ ශ්‍රමදානයට ගිය දැරිය අතුරුදන්

කොස්ගම සාලාව වතුයායේ පදිංචි 13 හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලීසිය පවසයි.

කොස්ගම පොලීසිය සඳහන් කළේ ඇය අධ්‍යාපනය ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 05 වැනිදා උදෑසන 8 පමණ ඇය නිවසෙන් පිටත්ව ගොස් ඇති බවයි.
නැවත ඇය නිවසට නොපැමිණීම නිසා දැරියගේ මව පොලීසියට පැමිණි කර තිබේ.

මෙම දැරිය ගැන තොරතුරක් දන්නේ නම් 036-2255026 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කොස්ගම පොලීසිය පවසයි.