සමන්ත විද්‍යාරත්න
නුදුරේම ජනාධිපති මන්දිරය සහ අරලිය ගහ මන්දිරය වැටලීම සඳහා සිව් දෙසින් ගොවි ජනතාව කොළඹට එන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා ‘දිනමිණ‘ට ඊයේ (25) පැවසීය.
රටේ පදනම ගොවිතැන බවත් එම පදනම කඩා වැටුණු පසු රටේ සියලුම අංශ කඩා වැටෙන බවත් කී විද්‍යාරත්න මහතා වක්කඩෙන් අත සොදා සාටකය කරේ දමාගෙන ගොවි ජනතාවගේ ඡන්දය ලබාගෙන ගොවි ජනතාවට මෙසේ සැලකීම පිළිබඳ විශාල වේදනාවක් ඇති බවත් සඳහන් කළේය.
එම නිසා ගොවියා රැවටු පාලකයන් සොයාගෙන ඉතාම ඉක්මනින් කොළඹට පැමිණ පොහොර ප්‍රශ්නය විසදා ගත යුතු බවත් නැතහොත් රටේ පාලකයා වන අමෙරිකානු පුරවැසියා අමෙරිකාවට යාමට සුදානම් වන ලෙසත් විද්‍යාරත්න මහතා පැවසීය.
නුවන් හෙට්ටිආරච්චි