31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා වන ලකුණු

ජොන්ස්ටන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා වන ලකුණු

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

අද (09) මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි විකුම් ද ආබෘෘ මෙම ඉල්ලීම කර තිබුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ඊයේ (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කළ අතර මේ හේතුවෙන් මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව ඔහු සඳහන් කළේය. මේ වනවිට පෙත්සම සලකාබැලීම ආරම්භ වී තිබේ.