― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන අර්බුදයෙන් පාසල් ළමුන් ප්‍රවාහනයට බාධා

ඉන්ධන අර්බුදයෙන් පාසල් ළමුන් ප්‍රවාහනයට බාධා

ඉන්ධන නොමැතිව පොදු ප්‍රවාහන සේවා අඩාල වී ඇති පසුබිමක දින 04 කට පසු අද (15) යළි පාසල් ආරම්භ විය.

දිවයින පුරා පාසල් ළමුන් ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන්නේ 30% ක් පමණක් බවත් ඉන්ධන අර්බුදය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකම පාසල් ළමුන් ප්‍රවාහන සේවාව අද දිනයේ අඩාල වී ඇති බවත් අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිචන්ද්‍ර පැවසීය.

සිසු සැරිය යටතේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා අමතර බස් රථ 20 ක් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේය.

මේ අතර ඉන්ධන අර්බුදය පැවතියද දීර්ඝ සති අන්තය නිම කර කොළඹ එන ජනතාවට උපරිම සේවා සැලසීමට පියවර ගෙන ඇති බවත් දුර ගමන් සේවා බස් රථ සියල්ලම අද දිනයේ ධාවනයට එක් කළ බවත් ‍ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සම්පූර්ණයෙන් ධාවනයට එක් කිරීමට හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

අද සිට නව දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබේ.