― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලට වැඩ වරදියි!

ව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලට වැඩ වරදියි!

ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කළ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළකර තිබේ.

මෙටා, ගූගල්, ට්විටර් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල නියෝජිතයින් මේ සඳහා සහභාගී වී ඇති අතර ඒ අනුව ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දඩ ක්‍රමවේදයක් සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.

යුරෝපා සංගම් නියෝජිතයින් එහිදී සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කරන සාවද්‍ය තොරතුරුවලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවයි.