26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්නැයි ජනපතිගෙන් උපදෙස්

ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්නැයි ජනපතිගෙන් උපදෙස්

පවතින ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා පිරවුම්හල්වලට බෙදාහරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

සැපයුම්කරුවන් සමඟ දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවදානයක් මෙම සාකච්ඡාවකදී යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.