27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස්ටර් බ්ලාස්ටර්ගේ වාර්තාව පැතුම් නිස්සංක බිඳ දමයි

මාස්ටර් බ්ලාස්ටර්ගේ වාර්තාව පැතුම් නිස්සංක බිඳ දමයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ඊයේ (20) පැවති තුන්වන එක්දින තරගය ජය ගැණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ වැඩි ගෞරව තමන් සතුකර ගනිමිනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කටයුතු කළේ සිය පළමු ජාත්‍යන්තර එක්දින ශතකයද වාර්තා කරමින් වීම සුවිෂේෂි සංධිස්ථාන්යක විය.

මෙහිදී පැතුම් නිස්සංක පන්දු 147ක් තුළ ලකුණු 137ක් රැස්කළ අතර එය ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.

මීට පෙර එම දක්ෂතාව එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ සනත් ජයසූරිය විසින් තබා තිබූ අතර පැතුම් ඊයේ (20) මෙලෙස බිඳ දැමුවේ ජයසූරිය විසින් 2003 වසරේ සිඩ්නි ක්‍රිකට් පිටියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 122ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.