― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි බිලත් ඩොලර්වලින් ගෙවන්න වෙයි

විදුලි බිලත් ඩොලර්වලින් ගෙවන්න වෙයි

විදේශ විනිමය උපයන සියලුම ආයතනවලට ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු බවට යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

විදේශ විනිමය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එම යෝජනාව ගෙන එන් ලබන බවත් විදුලිබල මණ්ඩලයට වර්තමානයේ විශාල පාඩුව දරාගැනීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

ඉදිරි දින දෙක තුන තුළ විදුලි ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බව ජනක රත්නායක එහිදී අවධාරණය කළ අතර විදුලි ඒකක 30ත් 60ත් අතර පාවිච්චි කරන අඩුආදායම්ලාභී පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව විශාල ලෙස වැඩි නොකර ඒ සඳහා රජයෙන් සහනාධාර ලබා ගනිමින් සෙසු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු ඉහළ දමන බව කියා සිටියේය.

ඉදිරි දිනවලදී පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා විදුලිය කප්පාදු නොකරන බවත් මධ්‍යහන 12.00 න් පසුව රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදු කරන බවත් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.