― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලෝටස් වටරවුම අවහිර කළ අරගලකරුවන් 21ක් අත්අඩංගුවට

ලෝටස් වටරවුම අවහිර කළ අරගලකරුවන් 21ක් අත්අඩංගුවට

ලෝටස් වටරවුම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටි පිරිස අතරින් විරෝධතාකරුවන් 21 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් 04ක්ද සිටින අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාලු මුවදොර සිටින උද්ඝෝෂකයින් පිරිසක් විසින් අද (20) උදෑසන මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ හේතුවෙන් ඒ අවට මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබූ බව වාර්තා වෙයි.

කෙසේවෙතත් උද්ඝෝෂණයේ නිරත පිරිස විසින් එම පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර තිබූ අතර එම හේතුවෙන් සේවයට වාර්තා කළ මුදල් අමාත්‍යංශ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට දුෂ්කරතා සඳහා මුහුණදීමට සිදු විය.