26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ අත්සනින් යුතු අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගේ අත්සනින් යුතු අති විශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවා, ඛනිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ඝනයට යටත් කර තිබේ.

පසුගිය 08 වැනිදාද මෙම සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.