26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 5.75ක්

ඇමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 5.75ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය තවත් ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම මානුෂීය ආධාරය මුදල් ආධාර, කෙටි කාලීන රැකියා සහ අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා කෘෂිකාර්මික සැපයුම් සෘජුවම ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙම අර්බුදකාරි වාතාවරණය යටතේ ඇමෙරිකාව විසින් කෙටි කලත් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශ කළ තෙවැනි අරමුදල මෙය වෙයි. මීට ප්‍රථම ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක මානූෂීය ආධාර ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කළේය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USඇඓඪ්) හරහා මෙම නව ප්‍රදානය සිදු කරයි.