― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතව දවස් 40කින් කන්නත් නැති වෙයිද?

තව දවස් 40කින් කන්නත් නැති වෙයිද?

අගෝස්තු මස 01 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා මෙරට වී අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කරන බැවින් ඒ සඳහා කඩිනමින් ඩීසල් ලීටර් කෝටි දෙකක් එනම් දහතුන් දහස් දෙසීයක් බැගින් වූ බවුසර් 1500 අවශ්‍ය වන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසයි.

ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේ එය කඩිනමින් කළමනාකරණය නොකළහොත් රට බරපතළ ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවයි.

වී වගාව හෙක්ටයාර් ලක්ෂ හතරක පමණ සිදු කොට තිබෙන බව එහිදී ප්‍රකාශ කළ මුදිත පෙරේරා කියා සිටියේ වී අස්වැන්න නෙළීම සඳහා ඉන්ධන වෙන්කරවා ගැනීමට දින 40ක පමණ කාලයක් රජයට පවතින බවයි.

කුසගින්න සහ ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට විසඳුමක් ලබාදීමට නොහැකි වන බව එහිදී පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ අඩුම තරමේ දිවයිනේ ඇති සමූපකාර ඉන්ධන පිරවුම්හල්වලින් හෝ ගොවීන්ගේ අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් සූදානම් කළ යුතු බවයි.