33 C
Colombo
Tuesday, April 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅගමැති ළඟදීම ඉන්දියාවට

අගමැති ළඟදීම ඉන්දියාවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ළඟදීම ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේනමුත් අග්‍රාමාත්‍යවරයා පිටත්ව යන දිනයක් පිළිබඳ නිසි දිනයක් ප්‍රකාශයට පත් කර නොමැති අතර මෙම සංචාරය තුළ ඔහු ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉකුත් මැයි මාසයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් දින සිටම ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඔහු හමුවීමට උනන්දුවෙන් පසුවූ බවත් දෙරට අතර පවතින මිත්‍රත්වය මත ශ්‍රී ලංකාවට ඉන්දියාවේ මූල්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාව දෙපාර්ශවයටම පැවති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියාව විසින් ලබා දුන් ඩොලර් බිලියනයක ණය පහසුකමට අමතරව තවත් ඩොලර් මිලියන පන්සියයක ණයක් ඉන්ධන මිලදී ගැනීම සඳහාද ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ එළඹෙන ඉන්දියානු සංචාරය තුළ නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ද හමුවීමට නියමිතය.