― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද ලංගම හා දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි

අද ලංගම හා දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි

අද (28) දිනය තුළ ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය සිදුකරන බව එහි සභාපති කිංස්ලි රණවක පවසයි.

මේ අතර අද දිනය තුළ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයද සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ලබයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් සංගම් සඳහන් කළේ බස් ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බවයි. මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (28) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය.