― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsණය දෙන්න කලින් IMF එකෙන් කොන්දේසි මාලාවක්

ණය දෙන්න කලින් IMF එකෙන් කොන්දේසි මාලාවක්

ශ්‍රී ලංකාවට විස්තීර්ණ අරමුදල් සම්පාදනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නම් ණය ස්ථායිකරණය සම්බන්ධයෙන් මෙරට ණය හිමියන්ගේ සහතිකයක් අවශ්‍ය බව එහි නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

දින දහයක සංචාරය නිම කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දිවයිනෙන් නික්ම යාමට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙරට බළධාරින් සමඟ සාර්ථක සහ ඵලදායි සාකච්ඡා පැවැත්වීමට හැකි වූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දීර්ඝ කාලීන බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඒවා උද්ධමනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ නොවිය යුතු බවත් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබේ.

එමගින් දිළිඳු සහ පීඩාවට පත්වූවන් ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වන අතර සාකච්ඡාවලින් අනතුරුව අදහස් දක්වමින් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඉහළ උද්ධමනය මෙන් ම එය ඉහළ යන අතර ම, 2022 දී ආර්ථිකය සැලකිය යුතු ලෙස කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වෙලා. අප කළ සංචාරයේදී සංචාරයේදී, ශ්‍රී ලාංකික ජනතාව, විශේෂයෙන් අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක් කණ්ඩායමට දැකගත හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරනවා.