තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් රුපියල් කෝටි 02කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වී ඇති බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත තැපැල් සේවකයින් තවදුරටත් සේවයට වාර්තා නොකළහොත් සේවය හැර ගියා සේ සලකන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට තැපැල් සේවා ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහ්සපතින්දා යන දින 3 තුළ පමණයි.