― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකන්දකාඩු මරණය සම්බන්ධයෙන් හමුදාවේ 04ක් අත්අඩංගුවට

කන්දකාඩු මරණය සම්බන්ධයෙන් හමුදාවේ 04ක් අත්අඩංගුවට

කන්දකාඩු පුනරුත්ථාපන හා රැඳවුම් මධ්‍යස්ථානයේ රැදී සිටි රැඳවියෙකු පහර දී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශවරුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ගුවන් හමුදාවේ සැරයන්වරු දෙදෙනෙක්, යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙක් හා තවත් සැරයන්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවියාට පහරදීමට යොදාගත් විදුලි වයරයක් හා උණ පතුරු දෙකක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.