― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් ආණ්ඩුවට සැර කතාවක්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් ආණ්ඩුවට සැර කතාවක්

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට ඊයේ (03) සමත් විය.

ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 අවසන් තරගයේ ප්‍රථමයා වෙමින් ඔහු මෙම වාර්තාව අලුත් කළේය.

යුපුන්ට එම ඉසව්ව අවසන් කිරීමට ගත වූ කාලය තත්පර 9.96ක්. නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසට මෙම කාලය වාර්තා අතරට එක් විය.

මේ අතර එම ඉසව්වේ ජයග්‍රාහකයා වූ යුපුන් අබේකෝන් සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින් ඔහුව විශ්වාස කළ සියල්ලන්ට ස්තූතිය පුද කරන්නටද අමතක නොකළේය.

මං ඒක කළා. මං අවුරුදු ගානක් මහන්සි උනා, ඒ මහන්සියේ කැප කිරීමේ ප්‍රතිපලය මට හම්බවුණා. ඔව්..මං තමයි sub 10 ක්ලබ් එකේ අලුත් member, බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පළවෙනි Sub 10 එක. ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම, මං එක්ක උන්න අයට මං මේක ට්‍රිබියුට් කරනවා. මාව විශ්වාස කරපු අයට මං pay back කළා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්. ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම්, ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. ඒ හින්දා දැන් මීඩියාවලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විශ්වාස කරපු ඔයලාට.