― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2019දී චක්‍රලේඛයට පටහැනිව ලිට්රෝ සභාපතිට ලක්ෂ 22ක ප්‍රසාද මුදලක් ගෙවලා

2019දී චක්‍රලේඛයට පටහැනිව ලිට්රෝ සභාපතිට ලක්ෂ 22ක ප්‍රසාද මුදලක් ගෙවලා

යහපාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශ චක්‍රලේඛයේ සඳහන් විධිවිධානවලට පටහැනිව ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් 2019 වර්ෂයේදී එහි සභාපතිවරයා වෙත රුපියල් 2,269,737ක ප්‍රසාද මුදලක් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ ඒ බව සඳහන් වෙයි.

එමෙන්ම චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව සමාගම විසින් සභාපතිවරයාට ගෙවන ලද දීමනා මත සේවක ආර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය වී තිබේ.

එමෙන්ම ලිට්රෝ ගෑස් සමාගම විසින් මාර්ගෝපදේශයේ සඳහන් විධිවිධානවලට පටහැනිව හා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතියකින් තොරව කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන් විධායක වැටුප් ලේඛනයේ දළ වැටුප රුපියල් 38,000 සිට රුපියල් 1,000,000 දක්වා පරාසයක පවතින බවද විගණන වාර්තාවේ සඳහන්ය.

සමාගමේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ දීමනා තීරණය කිරිමට පෙර සමාගම විසින් රේඛිය අමාත්‍යංශයේ ලේකම්ගේ නිර්දේශ හා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය ලබාගෙන තිබේද යන්න තහවුරු කර ගැනිම සඳහා විගණනයට සාක්ෂි ලැබිනොමැති බවද විගණන වාර්තාවේ දැක්වෙයි.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත අමාත්‍යංශය හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ හා උසස් කිරිමේ ක්‍රියාපටිපාටියක් සමාගම සතුව නොමැති බව හෙළි වී ඇති අතර අනුමත කාර්ය මණ්ඩලයක් සහිතව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ සංවිධාන ව්‍යූහයක් සමාගම සතුව නොමැති බවත් අනාවරණය වී තිබේ.

කෙසේවුවද සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සමාගමේ සංගමික ව්‍යාවස්ථාවලියට අනුව සියලු කටයුතු කර ඇති බවයි.