― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන පිරවුම්හල්වලින් හමුදාව ඉවත් කිරීමේ සූදානමක්?

ඉන්ධන පිරවුම්හල්වලින් හමුදාව ඉවත් කිරීමේ සූදානමක්?

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ස්ථානගත කර සිටින ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් එම රාජකාරිවලින් ඉවත් කිරීමට සිදුවිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දක්නට ලැබෙන පීඩාකාරී තත්ත්වය හමුවේ ඔවුන් ඉවත් කරන ලෙසට විවිධ පාර්ශ්වවලින් ලැබෙන ඉල්ලීම් මත මෙම තීරණය ගැනීමට ඉඩකඩ පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිය රාජකාරිවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්, පාතාල කණ්ඩායම් සහ කඩාකප්පල්කාරී කණ්ඩායම් සම්බන්ධව ගැටුම් ඇති වී තිබෙන බවට අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් ලෙස පොලිස් නිලධාරීන් යොදවා නො තිබීම හේතුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහය ලබාගත් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

සියලුම පොලිස් කොට්ඨාශවලට සිවිල් පාලන කටයුතු තමන් විසින්ම සිදුකරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී පමණක් ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසත් උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි සඳහන්කර සිටියා.