26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට තුළ සහල් හිඟයක් නැහැ

රට තුළ සහල් හිඟයක් නැහැ

පරිභෝජනයට ප්‍රමාණවත් දේශීය සහල් රට තුළ පවතින බවත් එය ලබන වසරේ ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසීය.

මෙම යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන දශම 08ක් ලැබෙන බව පුරෝකථනය කර තිබෙන බවද ඔහු පැවසීය.

යල කන්නයේ වී වගාවේ අස්වැන්න මාස 04ක් සඳහා සහල් පරිභෝජනයට ප්‍රමාණවත් බවත් ඉදිරි 2022/23 මාස් කන්නයේ වී අස්වැන්න නෙළීම ආරම්භ කෙරෙන තෙක් එම වසරේ මාස දෙකක් සඳහා සහල් අවශ්‍යතාව පිරිමැසීමට ආණ්ඩුව සහල් ආනයනය කර තිබීම නිසා සහල් හිඟයක් ඇති නොවනු ඇති බව හෙතෙම පැවැසීය. දේශීය වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ 110කි. මෙම යල කන්නයේ හෙක්ටයාර් 465000 ක වී වගා කර තිබෙන අතර හෙක්ටයාර් ඒකකින් වී මෙටි්‍රක් ටොන් 4.5 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් යම් ප්‍රමාණයක් අඩුවිය හැකි යැයිද පැවැසීය.