― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනාධිපතිවරයාට බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ

ජනාධිපතිවරයාට බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නෑ

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ රටේ දුක් විඳින මහජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා සහ රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බැවින් රට වැටී ඇති මෙම ඛේදනීය තත්ත්වයට වගකීම භාර ගෙන තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරුවලින් ඉල්ලා අස්වී රටේ අනාගතය ජනතාවට භාර දෙන ලෙසයි.

එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ මාතෘ භූමිය මින් පෙර කිසි කලකත් නොවූ ආර්ථික බංකොලොත්භාවයට පත් වීම නිසා ජනතාවට අපමණ දුක් පීඩා විඳීමට සිදුව ඇති බවයි.

මේ තත්ත්වය තවදුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

අද අප රට පත් වී ඇති උග්‍ර අර්බුදකාරී, අසහනකාරී, තත්ත්වයට ජනාධිපතිවරයා සහ රජය පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ගන්නා ලද අදුරදර්ශී අත්තනෝමතික තීරණ සෘජුවම බල පෑ බව පිළිගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරයි.

ජනතා මුදල් සහ රටේ දේපළ දූෂිත සහ වංචා සහගත ලෙස කොල්ල කමින්, ජනතාව සූරා කමින්, ගෙන ගිය මුරණ්ඩු සහ මර්දනකාරී, වැඩ පිළිවෙල මුල සිටම පිළිකුලෙන් යුතුව හෙළා දුටු අතර මේ වන තුරුත් එම දූෂණ සහ වංචා පිළිබඳ විනිවිද භාවයකින් සිදු වූ කිසිදු විමර්ශනයක් හෝ වරදකරුවන්ට දඬුවම් දීමක් සිදු වී නොමැති වීමත් බරපතළ කනගාටුදා‍යක තත්ත්වයක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.