25.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රට පුරා රෝහල්වල කළු කොඩි විරෝධතාවක්

අද රට පුරා රෝහල්වල කළු කොඩි විරෝධතාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවමින් අද (07) උද්ඝෝෂණයක නිරත වීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඉන්ධන අර්බුදය, ඖෂධ, උපකරණ හිඟය, නේවාසික රෝගීන්ට ආහාර ලබා නොදීම, සෞඛ්‍ය සේවයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් මෙම ‘කළු විරෝධතාව’ පවත්වන බව එම සංගමය පවසයි.