25.6 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට බැංකු පද්ධතිය බරපතල අර්බුදයක

මෙරට බැංකු පද්ධතිය බරපතල අර්බුදයක

පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසන්නේ ආණ්ඩුව විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බවයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය අමතමිනි.

මේ වෙනකොට බැංකු පද්ධතියේ වැඩකර ගෙන යෑම සඳහා ලොකු අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි බැංකු සේවකයෝ රාජකාරියට එන්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට තමයි. බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත් සමග බැංකු දුවන්න වෙලා තියෙන්නේ ඉන්ධන ජෙනරේටර් භාවිත කරලා. එතකොට බැංකු පවත්වාගෙන යෑම සඳහා ඒ ජෙනරේටර් පවත්වාගෙන යෑමට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සිද්ධවෙලා නැහැ. ඒ මේ වෙද්දි එකින් එක වැහෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්විට ග්‍රාමිය පළාත්වල බැංකු පවත්වාගෙන යන්න බැහැ. බැංකු පවත්වාගෙන යෑම සඳහා ජෙනරේටර් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒවට ඉන්ධන නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම සේවකයින් රාජකාරියට වාර්තා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ බැංකු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේවනතුර නිෂ්චිත වැඩපිළිවෙළක් අපිට ඉදිරිපත්කරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී බැංකු පවත්වාගෙන යාමේ බරපතළ ගැටලුවක් තියෙනවා.