විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීමට පෝලිමේ සිටි කාන්තාවක් බිළිඳකු ප්රසූත කර තිබේ.
මෙම කාන්තාව බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීමට පෝලිමේ සිට ඇති අතර එම අවස්ථාවේදී ප්රසව වේදනාවක් ඇතිවීමෙන් පසු එහි සිටි සෙබළුන් විසින් ඇය කාසල්වීදි කාන්තා රෝහලට යන අතරමගදී දරුවා ප්රසූත කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
හැටන් ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් දරුවෙකු ප්රසූත කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.


