― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයළි හදිසි නීතිය පැනවෙයි?

යළි හදිසි නීතිය පැනවෙයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අනිද්දා (09) පැවැත්වීමට නියමිත ජනතා විරෝධතාව මැඩපැවැත්වීම සඳහා රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුධ හමුදාපති සමඟ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡාවේ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති නමුත් එළැඹෙන 09 වැනිදාට පෙර හදිසි නීතිය ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ.