31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට රෝහල් පද්ධතිය බරපතල අවධානමක

මෙරට රෝහල් පද්ධතිය බරපතල අවධානමක

වෛද්‍යවරුන් රටින් පිටවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින අතර වෛද්‍යවරුන් රට හැර ගියහොත් සෞඛ්‍ය සේවයට දැඩි පීඩනයක් එල්ල වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සාමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.

එමෙන්ම රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හා අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් මේ වනවිටත් මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. ඇතැම් රෝහල්වල ශල්‍යකර්ම රැසක් නවතා ඇති බවද වාර්තා වේ.

එවැනි අවස්ථාවක වෛද්‍යවරුන් විශාල වශයෙන් රටින් පිටවීම මහජනතාව තවත් අර්බුදයකට ලක් කරන අතර වෛද්‍ය ක්ෂේත්‍රය අඩපණ වීමට ඇති ඉඩකඩ වැඩිය.