28.4 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාධ්‍යවේදීන්ට පහර දුන් නිලධාරීන්ට වැඩ වරදියි

මාධ්‍යවේදීන්ට පහර දුන් නිලධාරීන්ට වැඩ වරදියි

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුකළ පොලිස් විශේෂ බළකායේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අදාළ නිලධාරීන්ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් පවත්වා, විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ තර්ස්ටන් විදුහල ආසන්නයේ පිහිටි පෞද්ගලික නිවස අසල පැවති උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට ගිය මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක මාධ්‍යවේදීන් සිව්දෙනෙක්ට පොලිසිය විසින් පහර දී තිබුණා.