31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවතොටුපොළ ප්‍රභූ පර්යන්තයේ රාජකාරි නවතයි

ගුවතොටුපොළ ප්‍රභූ පර්යන්තයේ රාජකාරි නවතයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සලසාගන්නා ‘සේද මාවත’ මගී නිශ්කාශන පර්යන්තයේ කටයුතු මේ වන විට ඇනහිට තිබෙනවා.

එහි රාජකාරීයේ නියුතු ආගමන විගමන නිලධාරීන් අද (12) අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු රාජකාරිවලින් ඉවත් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

රට තුළ මේ වනවිට පවතින අස්ථාවර හා අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් චෝදනාවන්ට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල ඇති ගුවන් තොටුපොළ තුළ මෙවැනි මුදල් ගෙවා භාවිත කරන ප්‍රභූ පර්යන්ත පවත්වාගෙන යාමක් සිදු නොවන බවටයි තොරතුරු වාර්තා වුණේ.