― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරනිල් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම වහාම සිද්ධ කළ යුතුයි - වෙනසක තාරුණ්‍ය සංවිධානය

රනිල් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම වහාම සිද්ධ කළ යුතුයි – වෙනසක තාරුණ්‍ය සංවිධානය

රනිල් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම වහාම සිද්ධ කළ යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසයි.

අද 15 දින බොරැල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ලහිරු වීරසේකර මේ බව පැවසීය.

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර

මේ වෙද්දි ඉතිහාසයේ කවරදාකවත් නොවුන  විදියට ජනතා අරගලයකින් මේ රටේ විධායක ජනාධිපතිවරයා ව රටෙනුත් පන්නන්න මේ රටේ ජනතාවට පුළුවන් වෙලා තියෙනවා.

 රාජපක්ෂලා දේශපාලනයෙන් එලවන්න බෑ කියපු අයට එයාලා තමා මේ රටේ දේශපාලන මුදුන්මල්කඩ කියලා කියපු අයට අද ඒ මුදුන්මල්කඩ හෙලවිලා තියෙන හැටි දකින්න පුළුවන්.

 අඩුම තරමේ තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිවැරැදිව ඉදිරිපත් කර ගන්න බැරි ජනාධිපති කෙනෙක් ලෙස ඉතිහාසයට එක් වෙනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා පරිමාණ දේශනා තියන අයට මේ අරගලය හමුවේ නිරුත්තර වෙන්න සිද්ධ වුණා.

මේ රටේ මිනිස්සුන්ට සිද්ධවුනා මන්දිර වටලන්න මන්දිර අත්පත් කරගන්න අන්න ඒ බි ය විසින් තමයි මේ දේශපාලන පක්ෂවලට සිද්ධ වුණේ ජනාධිපතිට අගමැතිට තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන්න කියන බලපෑම කරන්න සිද්ධ වුණේ.

 ගෝ හෝම්ගෝ ඨා කියන්නේ ජනතාවගේ සියලු ප්‍රශ්න කැටි වෙච්ච සටන්පාඨය ක්‌.

 අපේ අරගලය ඉවර නෑ.

 අද වැඩ බලන ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීල තියෙනවා අපෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි රනිල්ට ජනාධිපතිකම දෙන්න ද අපි අරගලය කළේ.

 රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙද්දී මේ අරගල භූමිය ඒකට විරුද්ධ වුණා.

ඊට පස්සේ අපේ ප්‍රධාන සටන් පාඨය බවට පත්වුණේ ගෝඨා රනිල් ගෙදර යනු කියන එක.

 අරගලයේ එක්තරා ජයග්‍රහණයක් අද උදෑසන වෙද්දී පහු කරා. රනිල් වික්‍රමසිංහගේ වැඩබලන ජනාධිපති ධූරය සඳහා වෙච්ච විරෝධතාවලට රනිල් වික්‍රමසිංහ ම වගකිව යුතුයි.

 රනිල් වික්‍රමසිංහට අස්වීමේ ලියුම දෙන්න කියලා තමයි ජනතාව කිව්වේ.

රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතුයි. මේ දෙදෙනාගේ ම ඉවත් වීමෙන් පස්සේ මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව ඔය කියන පාරලිමේන්තුව අරන් යන්න පුලු වන්

 මහා පතරංග දේශනා තිබ්බනේ රට අරාජික වෙනවා පාර්ලිමේන්තුව නැති වෙනවා.

 අපි අහනව මුන් ඉඳලා රට අරාජික වෙලා තිබ්බේ නැද්ද.

 අදත් මිනිස්සු ඉන්නෙ තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල.

 රට අස්ථාවර වෙලා තිබ්බේ මුන් හිටපු කාලෙ

.අපේ අරගලය අවසානය සටහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ කියන මිනී මරුවාගෙදර යැව්වට පස්සෙ.

කවුරුහරි කියනවා නම් ඒක කරන්න අමාරුයි රනිල් වික්‍රමසිංහ ගෝඨාභයට හපන් අපිට නම් ඒවා බයිලා. විධායක ජනාධිපති කෙනෙක් තමන්ගේ ධූර කාලය අවසන් වෙන්න කලින් ලෝකයේ යන්න තැනක් නැති කලේ මේ අරගලයෙන්.

 රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ ලොකු කජ්ජක් නෙමෙයි.

 රනිල් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීම වහාම සිද්ධ කළ යුතුයි.

 දැන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රටේ ප්‍රධානියා වෙන්න හදනවා නොනිළ විදියට.

 ශවේන්ද්‍ර සිල්වා නොනිළ විදිහට රටේ ප්‍රධානියා වෙන්න හදනවා. රනිල් වික්‍රමසිංහ එදා නිල හා නිල විදිහට ගෙනාපු බටලන්දේ වධකයා ගේ භූමිකාව නැවත වතාවක් සමාජයට ගේන්න හදන්නේ.

 ශවේන්ද්‍ර සිල්වා සමාජයට දැන් නියෝග නිකුත් කරනවා.

 උද්ඝෝෂකයන්ට දැඩිව කිව්වලු සාමකාමීව හැසිරෙන්න කියලා. එයා කියපු  බම්බුවකට නෙමෙයි අපි සාමකාමීව හැසිරුණේ.

 එක දශමයක්‌ හරි මේ  සමාජය මිලිටරීකරණය ට ගෙනියන්න හැදුවොත් එහෙම ජනතා බලය තියෙන්නේ කොතැනද කියන එක මේ හැමෝටම බලාගන්න පුළුවන් වෙයි.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය නිවේදන ගහනවා  අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමට යාමේදී එතැනදී කඳුළු ගෑස් වැදිලා තරුණයෙක් ජීවිතක්ෂයට පත්වෙනවා.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමයි මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒකෙ කියලා තියෙනවා මොහුට තියෙන වෙනත් රෝගී තත්ත්වයක් හින්ද තමයි මොහු මරණයට පත්වෙලා තියෙන්නේ අමතර කාරණයක් විදිහට සඳහන් කරලා තියෙනවා මොහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා කියලා.

 අපි අහන්නෙ මොකටද ඒක සඳහන් කරන්නේ. මේ ජරා වැඩේ ම මේ තුප්පහි වැඩේ ම කරා තෙල් පෝලිම් වල මිනිසුන් දාහත් දෙනෙක් මැරිලා වැටෙද්දී මේ ආණ්ඩුව නිවේදන නිකුත් කලා ඒ මැරිල වැටෙන මිනිස්සුන්ට වෙන ලෙඩ හැදිලා මැරුණේ.

 තෙල් පෝලිමේ මහන්සි වෙලා නෙමෙයි මැරිලා වැටුනේ කියලා කිව්වා.

 සමහර ජනාධිපති නීතිඥවරු කිව්වා තෙල් පෝලිම් වල මිනිස්සු මැරුනේ වෙන ලෙඩ හැදිලා කියලා.

 දැන් අර තරුණයාගේ මරණයට මත්ද්‍රව්‍ය සම්බන්ධ කරලා තියෙනවා. අපි අහනව පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඔබතුමා ගංජා ගහලද හිටියේ මේ නිවේදන නිකුත් කරද්දී.

 ඔබතුමා අයිස් ගහලා ද හිටියේ මේ නිවේදන නිකුත් කරද්දී.

පොලිසියේ හමුදාවේ පහල ඉන්න නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඉහළ ඉන්න තරු පටි ගහපු දේශපාලන කුක්කෝ එක්ක අපිට කතාවක් නෑ.

 අපි කියන්නේ අපිත් එක්ක පන්තියේ ඉන්න මෙහෙට වෙලා මාස ගණන් ගෙදර එන්න බැරුව ඉන්න පොලිසියේ හමුදාවේ නිලධාරීන්ට අපි කියනවා ඔබේ පැත්ත තෝරා ගන්න කාලය ඇවිල්ලා.

මේ ජන අරගලයේ අභිලාෂයක් තිබුණා. ගෝඨාභය  ගෙදර යවන එක රනිල් වික්‍රමසිංහ ගෙදර යවන එක මිනිසුන්ගේ ජීවිත උන් සුර සැප විඳිද්දී තව දහස් ගානක් දුක් විඳින සමාජ ක්‍රමය ආර්ථික ක්‍රමය වෙනස් කිරීම ඒකට අදාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් අරගල භූමියෙන් යෝජනා වෙලා තියෙනවා.

 ඒවා නොසලකා නම් ආණ්ඩුව යන්න හදන්නේ අපි කියනවා නැවත වතාවක් ජනතාවගේ සංවිධානාත්මක ප්‍රහාරයකට සූදානම් වෙන්න එන කාට වුණත් සිද්ධ වේවි.