26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව මේ වනවිට මිලියනය ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

රථවාහන හිමියන්ට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියට අවස්ථාව ලබාදීම පසුගිය 16 වනදා සිට ආරම්භ කළ අතර ඒ අනුව අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය හිමි රථවාහන හිමියන් වෙත කෝටාවක් සහිතව සතිපතා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

fuelpass.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී.

මේ අතර ඉන්ධන බෙදාහැරීම සිදුවන්නේ Ceypetco ඉන්ධන පිරවුම්හල් අසළ ඇති වාහන පෝලිම් ඉවත් කිරීමෙන් පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එමෙන්ම ත්‍රිකුණාමලය ඉන්ධන බෙදා හැරීමේ පර්යන්තයෙන් බවුසර 125ක් මඟින් පෙට්‍රල් ලීටර් මිලියන දෙකක් අද (18) දිනයේ දී බෙදාහරින බව ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කරයි.