― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් ගාස්තුත් අඩු වෙයිද? - තීරණය මෙන්න

බස් ගාස්තුත් අඩු වෙයිද? – තීරණය මෙන්න

රජය විසින් ඉන්ධන මිල පහත දැමීමට ගත් තීරණයත් සමඟ එම වාසිය ජනතාවට ලබාදීමට හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ලංකා පෞද්ගිලක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිල අඩු කළද, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුවනවා නම් එහි වාසිය ජනතාවට ලබාදිය හැකි බවයි.

පසුගිය අවස්ථාවල ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමටද කටයුතු කළේය.

ඒ අනුව අවසන් වරට සිදුකළ බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ අතර ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් පහත දැමීමට කටයුතු කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 20කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින්ද අඩුකිරීමට පියවර ගත්තේය.

මෙම මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී සමාගමද වෙළඳපොළට නිකුත් කරන ඉන්ධනවල මිල ගණන් අඩු කිරීමට ඊයේ රාත්‍රියේ සිටම කටයුතු කළේය.