― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට ණය ලබාදීමෙන් ඉන්දියාව පළමු තැනට

ලංකාවට ණය ලබාදීමෙන් ඉන්දියාව පළමු තැනට

මේ වසරේ අප්‍රේල් මස 30 වැනිදා තෙක් වූ මාස 04ක කාලය තුළදී ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව පත්ව තිබේ.

මේ අනුව එම කාලසීමාව තුළදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 376.9ක ණය ලබාදී ඇති අතර චීනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 67.9ක ණය පහසුකමක් දීර්ඝ කර තිබේ.

කෙසේ වෙතත් මේ වසරේ ජුනි මාසය තෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සමස්ත ඉන්දීය ණය පහසුකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වෙයි.