― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ජනගහනයෙන් මිලියන 7.5ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා

මෙරට ජනගහනයෙන් මිලියන 7.5ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා

මෙරට ජනගහනයෙන් මිලියන 06 – 7.5 අතර පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර සංවාදයකට සහභාගි වෙමින් රනිල් මේ බව සඳහන් කළේය.

රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සංවාදයට සහභාගි වූ ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කර ඇති වැඩබලන ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ජනතාවට සහාය ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

මෙම සංවාදය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහ විවිධ රටවල නියෝජිතයන් පිරිසක් සහභාගි වී තිබේ.