― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම 21 වැනිදා සිට

ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම 21 වැනිදා සිට

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසයි.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඔහු මහජනතාවට දැනුම් දෙයි.

බ්‍රහස්පතින්දා සිට QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 01 සහ 02 යන අංක හිමි වාහන හිමියන්ට ලබන 21 වැනිදා ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ ඇති පෝලිම්වලින් පිරිස් ඉවත්වීමෙන් පසු ඉන්ධන නිකුත් කරන බවයි.