27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි නීතිය වහා ඉවත් කරන්නැයි නීතිඥ සංගමය ඉල්ලයි

හදිසි නීතිය වහා ඉවත් කරන්නැයි නීතිඥ සංගමය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහා ඉවත් කරගන්නා ලෙසයි. ශ්‍රී ලංකාවේ නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ හදිසි නීතිය භාවිතා කරමින් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යානුකූල අයිතියට බලපෑම් නොකරන ලෙස ශ්‍රී ලංකා සංගමය පෙන්වා දෙනවා.