විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක පවසයි.
විදුලිබල මන්ඩලය සියයට 130ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින් අදාළ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.