― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයූරියා මිටියේ බර අනුව මුදල් ගෙවන්න

යූරියා මිටියේ බර අනුව මුදල් ගෙවන්න

ගොවීන් විසින් මිලදී ගන්නා යූරියා කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රු.10,000කට වුවත්, අද දින සිට පොහොර බෑගයේ අන්තර්ගත බර ප්‍රමාණය මැන, ඒ අනුව මුදල් අය කරන ලෙස සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු යොදා තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබාදුන් යූරියා පොහොර බෑග්වල නිසි බරින් යුත් පොහොර ප්‍රමාණයක් අන්තර්ගත නොවන බවට අද (19) පුවත්පත් කිහිපයක තොරතුරු පළ වී තිබිණි.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධව කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා වෙතින් ඉල්ලීමක් කළේය.

ඒ අනුව අද (19) පෙරවරුවේ ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ පොහොර බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කළ ලේකම්වරයා දඹුල්ල ප්‍රදේශයට නිසි බරින් යුත් පොහොර ලබා නොදීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළේය.

එමෙන්ම මින් ඉදිරියට ගොවීන් යූරියා පොහොර මිලදී ගැනීමේදී එහි අඩංගු බරට පමණක් මුදල් ලබා ගන්නා ලෙස සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා තීරණය කරනු ලැබීය.

සාමාන්‍යයෙන් යූරියා හොණ්ඩරයක බරින් යුත් පොහොර මිටියක ඇති යූරියා ප්‍රමාණය කිලෝග්‍රෑම් 50කි. ‍ඉන්දීය රජය විසින් ලබාදුන් පොහොර බෑග්වලට ඇසිරීම වරායේ යන්ත්‍ර 03ක් මඟින් සිදු කෙරෙන අතර, බෑගයක අන්තර්ගතවන පොහොර ප්‍රමාණය මනිනු ලබන්නේ ද යාන්ත්‍රිකවය. එම නිසා මෙම ක්‍රියාවලිය තුළ යම්කිසි දෝෂයක් සිදුව ඇත්නම්, එමඟින් ගොවි ජනතාවට කිසිදු පාඩුවක් සිදු නොවන ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව ලේකම්වරයා සඳහන් කරයි.

ඒ අනුව ගොවීන් විසින් මිලදී ගන්නා යූරියා කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රු.10,000කට වුවත්, අද දින සිට පොහොර බෑගයේ අන්තර්ගත බර ප්‍රමාණය මැන, ඒ අනුව මුදල් අය කරන ලෙස සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු යොදා තිබේ.