― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එරට මුල් වරට ගිම්හාන සෘතුව තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ ලින්කන්ශයර් සහ නැගෙනහිර ලන්ඩනයේ ප්‍රදේශ කිහිපයක් අධික උෂ්ණත්වයෙන් වැඩිම බලපෑමක් ඇතිවූ කලාප ලෙසයි සැලකෙන්නේ.  ලින්කන්ශයර්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.3 ක්.  එරට තවත් ප්‍රදේශ 33 කින් සෙල්සියස් අංශක 40ට ආසන්න අගයක් වාර්තා වෙයි.  නැගෙනහිර ලන්ඩනයේ වෙනින්ටන්හි අධික උෂ්ණත්වය නිසා ලැව් ගිනි හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. 

නගර ආණ්ඩුකාරවරයා පවසන්නේ, ප්‍රදේශයේ පවතින අතිශය අවදානම් තත්වය නිසා බොහෝ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ක්‍රියා කළ බවයි.  සිය ගණනක ගිනි නිවස භටයන් පිරිසක් මේ වන විටත් ලන්ඩන් නගරය ආශ්‍රිත ලැව් ගිනි මැඩපැවැත්වීමට යොදවනු ලැබ සිටියි. 

ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති අතර, ලැව් ගිනි නිසා ඒ ආශ්‍රිත දුම්රිය මාර්ගවලට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.  එම නිසා දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට බලධාරීන් ක්‍රියා කළේය.  ලැව් ගිනි හේතුවෙන් නිවාස රැසක් මුළුමණින් විනාශවී ගොසින්. 

මීට අමතරව, බටහිර යුරෝපයේ තවත් රටවල් රැසක ද අධික උෂ්ණත්වයක් පවතියි.  ජර්මනිය, පෘතුගාලය ඇතුළු රටවල් ඊට අයත්.