― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබ්‍රිතාන්‍ය හා කැනේඩියානු මහකොමසාරිස්වරුන් අරගල භූමිය ගැන අවධානයෙන්

බ්‍රිතාන්‍ය හා කැනේඩියානු මහකොමසාරිස්වරුන් අරගල භූමිය ගැන අවධානයෙන්

ගාලු මුවදොර අරගල භූමියෙන් ලැබෙන වාර්තා පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.

සාමකාමි විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බව මහ කොමසාරිස්වරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර ගාලු මුවදොර විරෝධතා භූමියේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයාද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.