― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨාභයවත් අරගලකරුවන්ට මෙහෙම කළේ නැහැ - සෝභිත හිමි

ගෝඨාභයවත් අරගලකරුවන්ට මෙහෙම කළේ නැහැ – සෝභිත හිමි

ගෝඨාභයවත් අරගලකරුවන්ට මෙලෙස පහරදීමක් සිදු නොකළ අතර රනිල් ජනාධිපති වීමත් සමඟ අරගලයට පහරදීම නින්දිත ක්‍රියාවක් බවත් අරගලකරුවන් වෙත අමානුෂිත අන්දමින් පහරදීම තමන් තරයේ හෙළා දකින බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසීය.

අද (22) ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

අරගලකරුවන් නිරායුධව ඉන්නා අවස්ථාවක දරුණු ත්‍රස්තවාදීන්ට පහරදෙන ආකාරයෙන් පහරදීම හා පලවා හැරීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් මේ අයට කිසිදු පහරදීමක් සිදු නොකළ අතර රනිල් ජනාධිපති වීමත් සමඟ අරගලයට පහරදීම නින්දිත ක්‍රියාවක් බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

මේ ජනාධිපතිවරයාට මේ වන විට පදවියෙන් පසු කිසිම රටකින් සුබපැතුමක්වත් එක්කර නොමැති අතර ඒ හේතුවෙන් කෙසේ විදේශ සහයෝගය ලබාගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවද උන් වහන්සේ එහිදී ප්‍රශ්න කළේය.

තවමත් රනිල් වික්‍රමසිංහට කාලය තිබෙනවා. පොහොට්ටුවේ කිසිවෙකු මේ පාලන ත්‍රන්ත්‍රයට ගැලපෙන්නේ නැහැ. ඔවුන්ගෙන් තොර සර්වපාක්ෂික රජයක් බිහිකල යුතුයි පසුව රට ස්ථාවර කිරීමට ඡන්දයක් පැවැත්විය යුතුයි. අරගලයට දේශපාලනය මුහුණුවරක් දීම හේතුවෙන් අරගලය වෙනත් දිසාවකට ගමන් කරන්න උනා. ඒ හේතුවෙන් තමයි අපිත් කිව්වේ අපි ඒවගේ කාරණා සමග එක් නොවන බව.”