― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"කොවිඩ් සමයේදී සහන දෙන්න තැන්පත්කරුවන්ගේ පොලියෙන් සල්ලි ඇදලා"

“කොවිඩ් සමයේදී සහන දෙන්න තැන්පත්කරුවන්ගේ පොලියෙන් සල්ලි ඇදලා”

කොවිඩ් සමයේදී මහ බැංකුව විසින් ව්‍යාපාරිකයින්ට ලබා දුන් සහන සහ ණය ලබා දුන් ක්‍රියා පටිපාටිය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙළිදරව්වක් කර තිබේ.

එම සහන ලබාදීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා නොදුන් බවත් මහ බැංකුව විසින් සහන ලබාදීමේ වියදම සම්පූර්ණයෙන් දැරුවේ බැංකු පද්ධතියේ තිබෙන තැන්පත්කරුවන්ගේ මුදල්වල පොලියෙන් බවත් බදු ගෙවන්නන්ගේ මුදල් සත පහක්වත් රජය ලබා නොදුන් බවත් ඔහු එහිදී අනාවරණය කළේය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

ඊට අවශ්‍ය මුදල් ලබා දිය යුත්තේ බදු ගෙවන්නාගේ මුදල් බවත් අනෙක් රටවලත් කොවිඩ් සමයේ සහන ලබා දුන්නේ ඒ ආකාරයට බවත් පැවසූ මහබැන්කු අධිපතිවරයා කියා සිටියේ ව්‍යාපාරිකයින්ට කොවිඩ් සමයේ සහන දිය යුතු බවට රජය මහ බැංකුවට නියෝග කළද ඒ සඳහා මුදල් ලබා දීමක් කිසිවිටෙක සිදු නොවූ බවත් එනිසා තැන්පත්කරුවන්ගේ සල්ලිවලින් සහන සඳහා මුදල් ලබා ගත් බවත්ය.

සහන ලබාදීමට නියෝග ලබා දෙන විට ඊට අදාළ මුදල් ලබා දෙන්නේ කෙසේද යන්න කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළ යුතුව ඇති බවත් සහන ලබා දීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මුදල් ලබා දෙන්නේ කෙසේද යන්න නොතිබූ බවත් නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.