ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් තවත් සහල තොගයක් පසුගියදා මෙරටට ළඟා වී තිබේ.
මෙට්‍රික් ටොන් 1000ක සහල් තොගයක් මෙලෙස රැගෙනවිත් තිබේ. මේ දක්වා චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් තොග කිහිපයක්ම ලැබී ඇති අතර එම තොග මෙරට පාසල් සිසුන්ගේ දිවා ආහාර අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය. එය ශ්‍රී ලංකාව පුරා පාසල් 7,900ක සිටින මිලියන 1.1ක දරුවන්ට අවම වශයෙන් මාස 06ක කාලයක් ප්රමාණවත්ය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට පිහිටා ඇති චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ “හොඳ අසල්වැසියන් සහ මිතුරන් ලෙස ශ්‍රී ලංකාවට සිය වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ සමාජ හා ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා චීනය විසින් හැකිතාක්, අඛණ්ඩව සහාය දෙනු ඇති” බවයි.