අමාත්‍යංශ 28ක් සඳහා පත් කර ඇති ලේකම්වරුන්ගේ නම් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජූලි 22 වැනිදා සිට මෙම ලේකම්වරුන් පත් කළ බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇති බව ද ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය මගින් දැනුම් දී ඇත.
තවද ජූලි 22 වැනිදා සිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් අනුර දිසානායක පත් කර ඇතැයි එහි සඳහන් වේ.